බස්නාහිර විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද සිට

බස්නාහිර පළාත තුළ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (05) දිනයේ සිට ආරම්භ වනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල සහ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල මෙන්ම කොළඹ මහ නගර සභාව අවට ප්‍රදේශවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැළණිය, සීදූව, ජාඇල, මහර, වත්තල, මීගමුව සහ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මෙම වැඩසටහනින් ආවරණය වනවා.

කළුතර දිස්ත්‍රික්කයේ, මෙම වැඩසටහන පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල ක්‍රියාත්මකයි.

මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති සියලුම ඩෙංගු රෝගීන්ගෙන් 45%ක් මෙම අධි අවදානම් සහිත කොට්ඨාශවලින් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14