රාජගිරිය, කලපලුවාව, හල්ගහදෙනිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් විදුලි ට්‍රාන්ස්ෆෝමර් තුනක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
සුඛෝපභෝගී ජීප් රථයක් ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් අද (04) උදෑසන අනතුරක් සිදුව ඇති අතර, අනතුරින් පසු ජීප් රථ රියදුරා රථය අධික වේගයෙන් පසුපසට ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ දී එකිනෙකට සම්බන්ධ වූ අධි බලැති ට්‍රාන්ස්ෆෝමර් පද්ධති තුනක් මාර්ගයට කඩා වැටී බරපතල අලාභ හානි සිදුව තිබෙනවා.
අනතුරත් සමඟ ප්‍රදේශයේම විදුලිය විසන්දි වී ඇති අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ විශාල ශබ්දයක් ද සමඟ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වූ බවයි.
අනතුර සිදුකළ සුඛෝපභෝගී ජීප්යේ රියදුරා අධික ලෙස බීමතින් සිට ඇති අතර, ඔහු පොලිසිය විසින් රැගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.













