බීමත් ජීප් රථ රියදුරෙක් අධි බලැති ට්‍රාන්ස්ෆෝමර් තුනක් බිම දාලා – ප්‍රදේශයකටම විදුලිය නැහැ

රාජගිරිය, කලපලුවාව, හල්ගහදෙනිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් විදුලි ට්‍රාන්ස්ෆෝමර් තුනක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

සුඛෝපභෝගී ජීප් රථයක් ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් අද (04) උදෑසන අනතුරක් සිදුව ඇති අතර, අනතුරින් පසු ජීප් රථ රියදුරා රථය අධික වේගයෙන් පසුපසට ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී එකිනෙකට සම්බන්ධ වූ අධි බලැති ට්‍රාන්ස්ෆෝමර් පද්ධති තුනක් මාර්ගයට කඩා වැටී බරපතල අලාභ හානි සිදුව තිබෙනවා.

අනතුරත් සමඟ ප්‍රදේශයේම විදුලිය විසන්දි වී ඇති අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ විශාල ශබ්දයක් ද සමඟ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වූ බවයි.

අනතුර සිදුකළ සුඛෝපභෝගී ජීප්යේ රියදුරා අධික ලෙස බීමතින් සිට ඇති අතර, ඔහු පොලිසිය විසින් රැගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50