පොසොන් බලන්න ගිය ගමන සසිදුගේ ජීවිතය නැති වී අවසන් වෙයි – සහෝදරයාට බරපතළයි

අධික වේගයෙන් ගමන් ගත් යතුරුපැදියක් ඇලකට පෙරළී සිදු වූ අනතුරකින් එහි ගමන් කළ තරුණයෙක් මියගොස් ඔහුගේ
සහෝදරයා බරපතළ තුවාල ලබා තිබෙනවා.

පුත්තලම – ආණමඩුව මාර්ගයේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ දී ඊයේ (01) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුත්තලම, අට්ටවිල්ලුව ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි විය පසු වූ සසිදු ලක්ෂාන් නැමැති තරුණයෙක්.

බරපතළ තුවාල ලැබූ අනෙක් තරුණයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට වෙත මාරු කර යවා තිබෙනවා.

පුත්තලම, අට්ටවිල්ලුව ප්‍රදේශයේ තරුණයින් පිරිසක් ආණමඩුව නගරයේ පැවැත්වෙන පොසොන් කලාපය නැරඹීම සඳහා ඊයේ (01) රාත්‍රියේ යතුරුපැදිවලින් පැමිණ තිබෙනවා.

ඔවුන් පොසොන් කලාපය නරඹා ආපසු යන අතර තුර එක් යතුරුපැදියක් කොට්ටුකච්චිය වැව සහ කච්චිමඩුව වැව යා කරන ඇල මාර්ගයට පෙරළී යාමෙන් අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී යතුරුපැදිය පැදවූ තරුණයා දියේ ගිලීගොස් ඇති අතර, යතුරුපැදියේ සිටි ඔහුගේ සහෝදරයා ගොඩට පැමිණ උපකාර ඉල්ලා කෑ ගසා තිබෙනවා.

එම අවස්ථාවේ දී.මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක සිටි පිරිසක් එය දැක වහාම මැදිහත් වී තරුණයින් දෙදෙනාව රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ආණමඩුව පොලිසියේ රථ වාහන අංශය සඳහන් කළේ, අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12