ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා.
ඒ අනුව, මෙතෙක් නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වයිස් අද්මිරාල් නිලයට උසස් කරමිනුයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපතිවරයා ලෙස පත් කර ඇත්තේ.
අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහු වෙත භාර දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
2
+1













