ලෝකයේ සංචාරක ආරක්ෂණය වඩාත් ඉහළින් හිමි වූ තායිලන්තයේ පතායා නාගාරයේ ඇති නිවාඩු නිකේතනක් අසල ගමන් මල්ලක් තුළ තිබී 17 හැවිරිදි දැරියකගේ නිලස සිරුරක් පසුගිය දා සොයාගෙන තිබෙනවා.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්ත පොලිසිය විසින් සිදු කරනු ලැබූ විමර්ශනයේ ප්‍රතිපලයක් ලෙස ඝාතනය කළ බවට සැකපිට ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු ඊයේ (26) බැංකොක් සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා ගමන් කිරීමට ගුවන් යානයකට ගොඩ නැගීමට සූදානම්ව සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
සැකකරු 46 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
5
+1
1
+1













