බීමත්ව පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක රියදුරෙක් අද (26) පස්වරුවේ මීගමුව කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු පාසල් ළමුන් බස් රථයේ රැඳී සිටියදී අපරික්ෂාකාරී අන්දමින් බස් රථය ධාවනය කර ඇති අතර එය ඇස ගැටුණු රාජකාරියේ නියතු පොලිස් නිලධාරින් ඔහුට බස් රථය නවතන ලෙසට අණකර තිබෙනවා.
කෙසේ වෙතත් පොලිස් අණනොතකමින් ධාවනය වූ බස් රථය හඹා ගොස් පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව පසුව සිදු කරන ලද පරීක්ෂණයේ දී මෙම සැකකරු බීමත්ව සිට ඇති බවත්, ඔහු සන්තකයේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති බවටත් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
1
+1
+1
1
+1













