හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැය 24ක ජල කප්පාදුවක්

පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය හා පැලැන්වත්ත ප්‍රදේශවලට පැය 24ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ, අනුව අද (24) රාත්‍රී 8.00 සිට හෙට (25) රාත්‍රී 8.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම මහරගම ප්‍රදේශයට ජලය සැපයීම අඩුපීඩනය යටතේ සිදුවනු ඇති.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.