ඩෙංගු මර්දන ජාතික මෙහෙයුම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක්

මේ වන විට ශීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උවදුර මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් මෙම 24,25 සහ 26 තෙදින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමේ දී ජනතාව දැනුවත් කිරීම සහ සහභාගීත්වය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා එහිදී මාධ්‍ය ආයතන වෙත පුළුල් කාර්යභාරයක් පැවරී තිබෙන බවද සඳහන් කළා.

මෙම වැසි තත්ත්වය සමඟ ඩෙංගු ව්‍යාප්තියේ පසුගිය වසරට වඩා වර්ධනයක් දක්නට ලැබෙන බව මෙහිදි පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමට තිරසර විසදුම් සෙවීම රජයේ අරමුණ බවත්, එහිදී ගතයුතු දිගුකාලීන ක්‍රියාමාර්ගවලට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියා.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කර ගැනීමේදී ජනතාවට විශාල වගකීමක් පැවරී තිබෙන බවත්, අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම වැනි යහ පුරුදු මගින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නා.

එමෙන්ම, රජයේ ආයතන පරිශ්‍ර සහ කර්මාන්තශාලා මෙන්ම වැඩබිම් ආශ්‍රිතවද ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙනු ලැබුවා.

උද්ගතව ඇති මෙම ගැටලුව සඳහා මෙම අවස්ථාවේ ලබා දිය හැකි ඉහළම විසඳුම ජනතාව දැනුවත් කිරීම සහ පරිසරය පිරිසිදුව තබා ගැනීමට පෙළඹවීම බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් ප්‍රචාරක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සියලු මාධ්‍ය ආයතනවල සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ජනතාව තවදුරටත් දැනුවත් කරමින්, අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම පිළිබඳ ඔවුන් පෙළඹවීම වෙනුවෙන් දායකත්වය ලබා දෙන ලෙසද ජනාධිපති ලේකම්වරයා සියලු මාධ්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටියා.

ඩෙංගු ව්‍යාප්තිය, මතුව ඇති අවදානම් තත්ත්වය සහ මෙම තත්ත්වය පාලනය කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් මෙහිදී පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

ජාතික මෙහෙයුමක් සේ සලකා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට උපරිම සහාය ලබා දෙන බව මෙහිදී සඳහන් කළ මාධ්‍ය ආයතන නියෝජිතයන් ඩෙංගු මර්දනයට අදාළ තම යෝජනා සහ අදහස්ද ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30