දෛනිකව මෙරටින් ඩෙංගු රොගීන් 600ත් 650ත් අතර සංඛ්‍යාවක් – රෝගීන් 46,000 පනී

මේ වනවිට මෙරටින් දෛනිකව ඩෙංගු රොගීන් 600ත් 650ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද‍්‍ය කපිල කන්නංගර පවසනවා.

වැඩබලන අධ්‍යක්ෂකවරයා පැවසුවේ ජනවාරි මාසයේ සිට ඊයේ (20) දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 46,037 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා ඩෙංගු මරණ 28ක් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙම මාසයේ පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ පම‍ණක් ඩෙංගු රෝගීන් 12,196 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන් කළ ඔහු එය මෙම වසරේ මාසයක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බවයි පැවසුවේ.

එමෙන්ම බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති සඳහන් කළ වැඩබලන අධ්‍යක්ෂකවරයා එම සංඛ්‍යාව 51.75%ක් බවයි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අඩියක් ගහනවා, චූන් එකේ ඉන්නවා
08:56
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12