පසුගිය ඉරිදා දිනයේ දී අමෙරිකාවේ ධවල මන්දිරයේ පැවති සටන්කාමී තරගාවලියක් ඉලක්ක කරගනිමින් දියත් කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කිරීමට එරට ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි උපන්දින සැමරුම යෙදී තිබුණු එදිනට පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන භාවිත කරමින් ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ අමෙරිකානු FBI ආයතනයේ සහයෙන් සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.
තරගය නැරඹීමට පැමිණෙන සිවිල් වැසියන් මෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ එලොන් මස්ක් වැනි කිහිපදෙනෙක් ද මෙම ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණ ද ඔවුන් මෙම අවස්ථාවට සහභාගී වී නොමැති බවට ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.













