ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය (NPS) විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යසාධනය නිරීක්ෂණය හා වාර්තා කිරීම සඳහා නිර්මාණය කරන ලද විද්‍යුත් රාජ්‍ය (e-Government) පද්ධතියක් සාර්ථකව සංවර්ධනය කර ක්‍රියාත්මක කර තිබෙනවා.
ඵලදායීතා සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාව සමාජ, ආර්ථික, සංවර්ධනයේ ප්‍රමුඛ දායකයෙක් වීම යන දැක්ම යටතේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයාම ආවරණය වන පරිදි ඵලදායිතා සංස්කෘතියක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා.
ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් විවිධ ක්ෂේත්‍රයන්හි ඵලදායිතාව මැනීම, ඇගයීම සහ සංවර්ධනය සඳහා ක්‍රමානුකූලව දත්ත පදනම් වූ මැනිය හැකි දර්ශකයක් සමග පද්ධතියක් හඳුන්වා දීම ද මෙලෙස සිදුකර තිබෙනවා.
ඒ අනුව ප්‍රාදේශීය ඵලදායීතා දර්ශකය ද මෙහිදී එළිදැක්වූ අතර එහි වෙබ් අඩවියද අද (16) දිනයේ දී විවෘත කෙරුණා.













