එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් B-52 වර්ගයේ බෝම්බ හෙලන යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් අටදෙනෙකු මිය ගොස් තිබෙනවා.
දකුණු කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වූ යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
යානය සාමාන්‍ය පරීක්ෂණ මෙහෙයුමක යෙදී සිටියදී ඊයේ (15) මෙම අනතුරට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ ධාවන පථය තුළදීම සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් කඳවුරේ මෙහෙයුම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
අනතුරට හේතුවක් තවමත් නිශ්චය කර නොමැති අතර, දින 30ක් දක්වා ගත විය හැකි පරීක්ෂණ මාලාවකින් පසුව එය විනිශ්චය කරනු ඇති.
තවදුරටත් හේතු පරීක්ෂණ සඳහා මාස හයකට වඩා වැඩි කාලයක් ගත විය හැකි බවයි වාර්තා වන්නේ.
බෝයිං B-52 ස්ට්‍රැටෝෆෝර්ට්‍රස් 1950 ගණන්වල සිට එක්සත් ජනපද හමුදාව විසින් භාවිත කර ඇත. එය “ද බෆ්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබනවා.













