ඇමරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටෙයි – අටක් මරුට

එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් B-52 වර්ගයේ බෝම්බ හෙලන යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් අටදෙනෙකු මිය ගොස් තිබෙනවා.

දකුණු කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වූ යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

යානය සාමාන්‍ය පරීක්ෂණ මෙහෙයුමක යෙදී සිටියදී ඊයේ (15) මෙම අනතුරට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ ධාවන පථය තුළදීම සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් කඳවුරේ මෙහෙයුම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

අනතුරට හේතුවක් තවමත් නිශ්චය කර නොමැති අතර, දින 30ක් දක්වා ගත විය හැකි පරීක්ෂණ මාලාවකින් පසුව එය විනිශ්චය කරනු ඇති.
තවදුරටත් හේතු පරීක්ෂණ සඳහා මාස හයකට වඩා වැඩි කාලයක් ගත විය හැකි බවයි වාර්තා වන්නේ.

බෝයිං B-52 ස්ට්‍රැටෝෆෝර්ට්‍රස් 1950 ගණන්වල සිට එක්සත් ජනපද හමුදාව විසින් භාවිත කර ඇත. එය “ද බෆ්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27