ප්‍රතිසංස්කරණය කරන ලද ස්නායු විද්‍යා ආයතනය අද විවෘත කෙරේ

ජාතික රෝහලේ, ප්‍රතිසංස්කරණය කරන ලද ස්නායු විද්‍යා ආයතනය අද (01) නිල වශයෙන් මහජනතාව සඳහා විවෘත කෙරෙනවා..

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ රට තුළ ස්නායු සෞඛ්‍ය සේවා සැලකිය යුතු ලෙස පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම පහසුකම රුපියල් මිලියන 99 ක වියදමින් ප්‍රතිසංස්කරණය කර ඇති බවයි.

මොළය, සුෂුම්නාව, ස්නායු සහ මාංශ පේශිවලට බලපාන ආබාධ හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම කෙරෙහි මෙහි අවධානය යොමු

මෙම ඒකකය මඟින් මෙරට ස්නායු සත්කාරයේ කාර්යක්ෂමතාව සහ විෂය පථය වැඩි දියුණු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම පහසුකම ඇඳන් 22 කින් සමන්විත වන අතර වෙන වෙනම පිරිමි සහ කාන්තා වාට්ටු ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted