සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කළ යුතු මට්ටමේ බාල ප්රමිතියෙන් යුතු ගල්අඟුරු අඩංගු ‘MV JOSCO YONGZHOU’ නම් නෞකාවෙන් නොරොච්චෝල බලාගාරය වෙත ගල් අඟුරු ගොඩබෑම් කටයුතු අද (29) පෙරවරුවේ ආරම්භ කර ඇති බව ‘ෆ්රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ගල්අඟුරු මෙට්රික් ටොන් 59,766.000 ක් රැගත් මෙම නෞකාව ඊයේ (28) දහවල් 11.30 ට පමණ පුත්තලම නැංගුරම් පොළට පැමිණ ඇති බවත් එම නෞකාව පස්වරු 03.30ට පමණ බලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇති අතර, කිසිදු විධිමත් සොයා බැලීමකින් තොරව විනාඩි 30 ක් වැනි කෙටි කාලයක් තුළ ගොඩබෑමේ අනුමැතිය ලබා දී ඇති බවයි එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ.
කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් අද පෙරවරු 10.30ට මෙහි ගොඩබෑම් කටයුතු ආරම්භ කර ඇති බව ෆ්රී ලෝයර්ස් සංවිධානය පෙන්වා දෙනවා.
මෙම සමස්ත ක්රියාවලිය දූෂණ විරෝධී පනත යටතේ දඬුවම් ලැබිය හැකි මංකොල්ලයක් බවට පත්ව ඇති බවයි එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.













