බාල ගල්අඟුරු ගොඩබෑම් ආරම්භ කර ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් හෙළිදරව්වක්

සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ බාල ප්‍රමිතියෙන් යුතු ගල්අඟුරු අඩංගු ‘MV JOSCO YONGZHOU’ නම් නෞකාවෙන් නොරොච්චෝල බලාගාරය වෙත ගල් අඟුරු ගොඩබෑම් කටයුතු අද (29) පෙරවරුවේ ආරම්භ කර ඇති බව ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ගල්අඟුරු මෙට්‍රික් ටොන් 59,766.000 ක් රැගත් මෙම නෞකාව ඊයේ (28) දහවල් 11.30 ට පමණ පුත්තලම නැංගුරම් පොළට පැමිණ ඇති බවත් එම නෞකාව පස්වරු 03.30ට පමණ බලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇති අතර, කිසිදු විධිමත් සොයා බැලීමකින් තොරව විනාඩි 30 ක් වැනි කෙටි කාලයක් තුළ ගොඩබෑමේ අනුමැතිය ලබා දී ඇති බවයි එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ.

කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් අද පෙරවරු 10.30ට මෙහි ගොඩබෑම් කටයුතු ආරම්භ කර ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පෙන්වා දෙනවා.

මෙම සමස්ත ක්‍රියාවලිය දූෂණ විරෝධී පනත යටතේ දඬුවම් ලැබිය හැකි මංකොල්ලයක් බවට පත්ව ඇති බවයි එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13