කපිල චන්ද්‍රසේනගේ දුරකථනය පිළිබදව ඇපල් සමාගමෙන් ඉල්ලීමක්

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිසිය හරහා ඇපල් සමාගම වෙත ඉල්ලීමක් කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (26) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැන්වූවා.

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයට අදාලව අද සාක්ෂි අංක 17,18, 19 සහ 20 යන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවීමට තිබූ අතර 17 වන සහ 18 වන සැකකරු පමණක් අධිකරණයේදී සාක්ෂි ලබාදෙනු ලැබුවා.

සිද්ධියට අදාළ 19වන සහ 20වන සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් අධිකරණය පෙනී නොසිටියා.

ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කර සිටියේ එම සාක්ෂිකරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බවයි.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ ඔවුන් නොපැමිණීම සම්බන්ධයෙන් කරුණු විමසා බලා නැවත එම සාක්ෂිකරුවන්ට දන්වන ලෙසයි.

සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය මැයි 29 දින යළි කැදවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44