මෙන්ඩිස්ලාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩයම හවසට දිවයිනෙන් පිටත් වෙයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නව නායකයා ලෙස තේරී පත්වූ කුසල් මෙන්ඩිස් ඇතුළු එක්දින කණ්ඩායම අද (26) පස්වරුවේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිතයන් ක්‍රිකට් ආයතන විසින් ඊයේ (25) ප්‍රකාශයට පත් කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිදු වූ නව වෙනස්කම්වලින් පසුව ජාතික කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.

ඒ අනුව නව මුහුණුවරින් ක්‍රිකට් පිටියට පිවිසෙන ශ්‍රී ලංකාවට, එක්දින සහ විස්සයි කණ්ඩායම්වල වගකීම කුසල් මෙන්ඩිස්හට හිමිව ඇති අතර සුපුරුදු පරිදි ටෙස්ට් කණ්ඩයමේ නායකත්වය ධනංජය ද සිල්වාට හිමිව තිබෙනවා.

එමෙන්ම මෙම ආකෘතින් තුන සඳහාම කණ්ඩායම්හි උප නායකත්වය හිමිව ඇත්තේ කමිඳු මෙන්ඩිස්ටයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 03 වැනිදා ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15