සරණ ගුණවර්ධනට එරෙහි නඩු හතරක තීන්දු අද ප්‍රකාශයට පත්කෙරේ

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු අද (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පසුගිය අප්‍රේල් 30වනදා මෙම නඩුවල තීන්දු කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් විනිසුරුවරයා එදින දැනුම්දුන්නේ, මෙම නඩු වල තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වනදා සිදු කරන බවයි.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !