රුවන්වැල්ල පොලිස් වසමේ නිට්ටඹුව – රුවන්වැල්ල මාර්ගයේ ගෝනගල ප්රදේශයේ දී ත්රිරෝද රථයක් එහි රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (21) දහවල් සිදු වූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන්ගත් කාන්තාව සහ ඇගේ බිළිඳිය අවිස්සාවෙල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
එලෙස රෝහල් ගත කිරීමෙන් අනතුරුව වයස මාස 03ක් වූ බිළිදිය ජීවිතක්ෂයට පවත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් ත්රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, රුවන්වැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













