ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ දේහය කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක මේ වන විට තැන්පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබිය දී පෙරේදා (08) උදෑසන හමු වුණා.
ගෙළ වැළලාගෙන මියයන්නට ඇතැයි සැක කෙරුණු මෙම මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (09) දිනයේ සිදුකිරීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදෙනු ලැබුවා.
මේ අතර කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.
ඒ, මරණයට හේතුව කුමක් ද යන්න පිළිබඳ නිශ්චිතව සොයාගැනීම සඳහායි.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබනවා.













