කපිල චන්ද්‍රසේනගේ දේහය කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ දේහය කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක මේ වන විට තැන්පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබිය දී පෙරේදා (08) උදෑසන හමු වුණා.

ගෙළ වැළලාගෙන මියයන්නට ඇතැයි සැක කෙරුණු මෙම මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (09) දිනයේ සිදුකිරීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදෙනු ලැබුවා.

මේ අතර කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

ඒ, මරණයට හේතුව කුමක් ද යන්න පිළිබඳ නිශ්චිතව සොයාගැනීම සඳහායි.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01