AI මඟින් අධ්‍යාපනයේ අසමානතාවයන් තවදුරටත් වර්ධනය නොවීමට වග බලා ගත යුතුයි – අගමැතිනිය

කෘත්‍රිම බුද්ධියට (AI) සරලව අනුගත වීම පමණක් නොව, ප්‍රතිපත්ති, ආචාරධර්ම සහ සියලුදෙනා ඇතුළත් පාලන ක්‍රමවේදයන් මඟින් එහි අනාගතය හැඩගැස්වීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (08) දින කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට් ශාලාවේ දී පැවති රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා AI ප්‍රතිපත්ති රාමුව දියත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය සමඟ එක්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෙහෙයවන ලද රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා AI ප්‍රතිපත්ති රාමුව දියත් කිරීමේ මෙම වැඩසටහන මඟින්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කෘත්‍රිම බුද්ධිය සදාචාරාත්මක ලෙස සහ වගකීමකින් යුතුව යොදා ගැනීම සඳහා පුහුණු කිරීමට ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

මෙම අවස්ථාවට සමගාමීව ප්‍රතිපත්ති සම්පාදකයින් සහ AI විශේෂඥයින් එක්ව AI ප්‍රතිපත්ති රාමුව පිළිබඳව සහ එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරනු ලැබුවා.

මෙම වැඩසටහනෙහි පිළිගැනීමේ කතාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න විසින් සිදු කරන ලද අතර, UGC හි උප සභාපති මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර යෝජිත ක්‍රියාත්මක කිරීමේ සැලසුම් ඉදිරිපත් කළා.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, වේගයෙන් වෙනස්වන තාක්ෂණය, විශේෂයෙන්ම කෘතිම බුද්ධිය තුළ අවස්ථා මෙන්ම අවදානම ද අන්තර්ගත වන බව අවධාරණය කළා.

“අපි වර්තමානයේ කටයුතු කරමින් සිටින්නේ ඉතා වේගයකින් වෙනස්වන තාක්‍ෂණයක් සමගයි. ඒ නිසා එහි නිසි භාවිතය සඳහා ප්‍රතිපත්ති මෙන්ම පාලනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් පද්ධති තිබීම අත්‍යවශ්‍යයි,” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

විශ්වවිද්‍යාල යනු දැනුම ලබා දෙන, දැනුම බෙදා හරින, සොයාගැනීම්වලට අභියෝග කරමින් නව දැනුම සොයා යන අවකාශයක් වන බැවින් උසස් අධ්‍යාපනයට කෙරෙහි AI හේතුවෙන් ඇති වී ඇති බලපෑම අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා.

AI බලපෑම හේතුවෙන් සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍රවේදය වැනි ක්ෂේත්‍රයන් අභියෝගවලට ලක් වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මෙම ප්‍රතිපත්ති රාමුව විනය මූලික කරගත් ප්‍රතිපත්ති රාමුවක් ලෙස සකස් කළ යුතු බව අවධාරණය කරනු ලැබුවා.

ප්‍රතිපත්ති පුළුල් ලෙස සලකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳ අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, AI මඟින් අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අසමානතාවයන් තවදුරටත් වර්ධනය නොවීමට වගබලාගත යුතු බව අවධාරණය කළා.

මෙම AI ප්‍රතිපත්ති රාමුව හරහා ආබාධ සහිත සිසුන්ට සහාය වීම සහ භාෂා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු ආමන්ත්‍රණය කිරීම සඳහා තාක්ෂණය භාවිත කිරීම ඇතුළුව, ප්‍රතිපත්ති රාමුවෙහි පවතින දුර්වලතා මඟ හරවා ගනිමින් වඩාත් ඇතුළත් ඉගෙනුම් පරිසරයන් නිර්මාණය කිරීම සඳහා යොදා ගත යුතු බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් පෙන්වා දුන්නා.

අධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් අතර සන්නිවේදනය සහ ක්‍රියාකාරකම් දිරිමත් කිරීම සඳහා මෙම AI ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමේදී උපදේශාත්මක ප්‍රවේශයක අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා ය. නිවැරදි භාවිතය අධ්‍යයන ප්‍රජාව අතර පවතින සංවාද සහ ප්‍රතිචාර දැක්වීම් මත රඳා පවතින බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා.

පර්යේෂණ සඳහා අවස්ථා ශක්තිමත් කිරීම සහ ගෝලීය තාක්ෂණික වෙනස්වීම්වලට ප්‍රතිචාර දැක්වීමේදී ශ්‍රී ලංකාව ක්‍රියාශීලීව ලෙස ප්‍රතිචාර දක්වන බව සහතික කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ අතර කෘතිම බුද්ධියේ ප්‍රතිලාභ ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා දේශීය මට්ටමින් විශේෂඥතා දැනුම ලබා දීම සහ නැගී එන ප්‍රවණතාවලට අවස්ථා ලබා දීම වැදගත් වන බව අවධාරණය කළා.

AI ප්‍රතිපත්ති රාමුව හඳුන්වා දීම හරහා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධිය සඳහා ව්‍යුහගත ප්‍රවේශයක අවශ්‍යතාවය පිළිබඳ පිළිබිඹු කරන අතර, වගකීම, සමානාත්මතාවය සහ දිගුකාලීන සමාජ බලපෑම සමඟ නවෝත්පාදනය තුලනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38