මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී බස් රථ දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

විදෙස් ගතව සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවෙක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ආකාරයෙන් උපයා ගන්නා ලද මුදලින් මිළදි ගත් බවට සැක කරන දේපල සම්බන්ධව නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විමර්ශනයට අනුව, මෙම සැකකරු විසින් ඔහුගේ සමීපතමයින්ගේ නමින් නීති විරෝධී ආකාරයට උපයා ගත් මුදල් යොදවා දේපල මිලට ගෙන ඇති බවත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ සඳහන් වැරදි සිදුකර ඇති බවට පිලිගත හැකි සාක්ෂි අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

මේ ආකාරයට නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලට ගෙන ඇති රුපියල් කෝටි 07ක් පමණ වටිනා සුඛෝපභෝගී බස් රථ දෙකක් ඊයේ (07) දින සිට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ සඳහන් ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති අතර මෙම එක් බස් රථයක වර්තමාන හිමිකරු මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල දීම යටතේ ඊයේ (07) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 41 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

නීති විරෝධි වත්කම් විමර්ශන අංශය මඟින් වැඩිදුර විමර්‌ශන සිදු කරගෙන යනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32