ආරාධනය කළ ද සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබන මැයි දින රැළියට නොඑන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ අද (28) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව දැනුම් දුන්නා.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අවසන් තීරණය සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත ලිඛිතව දැනුම්දීමට අද (28) දිනයේ කටයුතු කළ බවත් මහ ලේකම්වරිය මෙහිදී සඳහන් කළා.
මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, මැයි පළමු වනදා පොහොය දිනයක්වීම හේතුවෙන්, මීට පෙර සංවිධානය කරගත් පරිදි එදිනට ආගමික වතාවත් සහ පුණ්‍ය කටයුතුවල නිරතවීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
1
+1
+1
1
+1













