මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස විදෙස් ගත කළ බව කියන ප්‍රධාන හිමිනම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සඳහන් කළේ ගම්පහ, මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානය සැඟවී සිටිය දී සැකකාර හිමිනම අද (26) අත්අඩංගුවට ගත් බවයි.
මෙම ජාවාරම පිටුපස තවත් ප්‍රධාන හස්තයක් ක්‍රියාත්මක බවට සැකකරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.
තායිලන්තයේ සිට පැමිණි මෙම චීවරධාරීන් පිරිස අදාළ මත්ද්‍රව්‍ය තොගය ගෙනවිත් තිබුණේ ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා ගෙනයි.
අත්අඩංගුවට ගත් මෙම චීවරධාරීන් පිරිස ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට අයත් පිරිසක් වන අතර, ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරන බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.













