ලුන්ගි නිගිඩිට IPL පිටිය මැද අකරතැබ්බයක් – ගිලන් රථයෙන් වහාම රෝහලට

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ මේ වන විට පැවැත්වෙන දිල්ලි කැපිටල්ස් සහ පන්ජාබ් කිංග්ස් අතර තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු රකිමින් සිටි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි නිගිඩි අනතුරකට මුහුණ දීමට සිදු වුණා.

උඩ පන්දුවක් රක ගැනීමට යාමේදී ඇදවැටුණු නිගිඩි, එලෙස ඇද වැටීම හේතුවෙන් ඔහුටා යම් කිසි ප්‍රබල ආබාධයක් ඇති වූ බවට නිරීක්ෂණය වූ බව තරග විස්තර විචාරකයින් පවසනවා.

කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වූ විනිසුරුවන්, ක්‍රීඩා පිටියට ගිලන් රථයක් කැඳවීමෙන් අනතුරුව ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ වන තෙක් ඔහුගේ මෙම ආබාධය සම්බන්ධයෙන් නිශ්චිත වාර්තාවක් නිකුත් වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !