නියමිත ගාස්තුව ඉක්මවා අධික ලෙස මුදල් අය කළ බස් රථ 80කට දඩ (වීඩියෝ)

අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් නියමිත ගාස්තුව ඉක්මවා අධික ලෙස මුදල් අය කළ බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

පසුගිය 08 වනදා සිට ඊයේ (18) දිනය දක්වා සිදුකළ පරීක්ෂා කිරීම්වල දී එම බස්රථ හඳුනා ගත බවත්, බස්රථ 680ක් පරීක්ෂා කිරීම්වලට ලක්කර බවයි එහි ජංගම බස් රථ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී රෝහණ වත්තගේ පැවසුවේ.

කොළඹට ඇතුළු වන ප්‍රධාන මාර්ග 04 ආවරණය වන ලෙස පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි ජංගම පරීක්ෂක කණ්ඩායම් විසින් විශේෂ අවුරුදු සේවාවල යෙදෙන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ මෙලෙස අහඹු ලෙස පරීක්ෂා කර තිබෙනවා.

විශේෂයෙන්ම අධික ගාස්තු අයකරන ලද බස් රථ හසුවුවහොත් එම අවස්ථාවේදීම මගීන්ගෙන් වැඩිපුර අයකළ මුදල් ආපසු මගීන්ට ලබාදීමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10