ශ්‍රී ලංකාව වසංගතයේ උපරිමයට පැමිණෙයි

මේවන විට මෙරට කොවිඩ් 19 වසංගත තත්ත්වය උපරිම ස්ථානයට පැමිණ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කරනවා.

එබැවින් තවත් කොවිඩ් රැල්ලක් පැමිණියහොත් එයට මුහුණ දීමට මෙරටට නොහැකිවනු ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ මෙම තත්ත්වය මත සංචරණ සීමා තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි.

මහජනතාවගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි මට්ටමක තිබීම මෙයට ප්‍රධාන හේතුව බව ද ඇය පෙන්වා දෙනවා.

මෙවැනි තත්ත්වයක් මත යළි රට විවෘත කළ හොත් ඉතා වේගයෙන් රෝගය පැතිරීමේ හැකියාව පවතින බවයි ඇය සඳහන් කරන්නේ.

තවත් කොවිඩ් රැල්ලක් මේ මොහොතේ දී පැමිණීමේ ඉඩ ඇති බවත් එලෙස වුවහොත් තත්ත්වය බරපතල විය හැකි බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළා.

ගෙවුණු දිනයේ මෙරටින් ආසාදිතයින් 2,284ක් වාර්තා වූවා. මරණ වාර්තා වීම ද තවමත් අඩු වී නැහැ.

සිදුවූ මරණ දෙස බැලීමේ දී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණවලින් තුනෙන් එකක ප්‍රමාණය සිදුව ඇත්තේ පසුගිය සති දෙක තුළ බව පෙනී යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09