ශ්‍රී ලංකාව වසංගතයේ උපරිමයට පැමිණෙයි

මේවන විට මෙරට කොවිඩ් 19 වසංගත තත්ත්වය උපරිම ස්ථානයට පැමිණ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කරනවා.

එබැවින් තවත් කොවිඩ් රැල්ලක් පැමිණියහොත් එයට මුහුණ දීමට මෙරටට නොහැකිවනු ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ මෙම තත්ත්වය මත සංචරණ සීමා තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි.

මහජනතාවගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි මට්ටමක තිබීම මෙයට ප්‍රධාන හේතුව බව ද ඇය පෙන්වා දෙනවා.

මෙවැනි තත්ත්වයක් මත යළි රට විවෘත කළ හොත් ඉතා වේගයෙන් රෝගය පැතිරීමේ හැකියාව පවතින බවයි ඇය සඳහන් කරන්නේ.

තවත් කොවිඩ් රැල්ලක් මේ මොහොතේ දී පැමිණීමේ ඉඩ ඇති බවත් එලෙස වුවහොත් තත්ත්වය බරපතල විය හැකි බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළා.

ගෙවුණු දිනයේ මෙරටින් ආසාදිතයින් 2,284ක් වාර්තා වූවා. මරණ වාර්තා වීම ද තවමත් අඩු වී නැහැ.

සිදුවූ මරණ දෙස බැලීමේ දී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණවලින් තුනෙන් එකක ප්‍රමාණය සිදුව ඇත්තේ පසුගිය සති දෙක තුළ බව පෙනී යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?