‘ඉරානය තලා දමන’ බව ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

එක්සත් ජනපදය ‘ඉරානය තලා දමන’ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මියාමි හිදී අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානය ගිවිසුමක් ඇති කර ගැනීමට මේ වනවිට අයැද සිටින බවයි.

ඉරානය සාකච්ඡාවලට සහභාගී වන බව මෑත දිනවල නැවත නැවතත් ප්‍රකාශ කළ බවයි ට්‍රම්ප් පැවසුවේ.

ඉන්පසු ට්‍රම්ප් කියා සිටියේ ටෙහෙරානය සාකච්ඡාවලට සහභාගී නොවන බව පැවසූ ඉරාන නිලධාරීන් බොරු කියන බවත්, එක්සත් ජනපදය සන්නිවේදනය කරන්නේ කුමන ඉරාන නිලධාරියා හෝ නිලධාරීන් සමඟ ද යන්න ඔවුන් සඳහන් නොකර බවයි.

එමෙන්ම ඉරානය සාකච්ඡාවලට සහභාගී වීම පිළිබඳව නොමඟ යැවීම සඳහා වන්දි වශයෙන් තෙල් නැව්ගත කිරීමට ඉදිරිපත් වූ බවයි ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා සිදුවන බව ඉරාන නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් ඉරානයේ විශාලතම වානේ කර්මාන්තශාලා 02ක්, බලාගාරයක් සහ සිවිල් න්‍යෂ්ටික ස්ථාන ඇතුළු අනෙකුත් යටිතල පහසුකම්වලට පහර දී ඇති බවයි.

X හි සටහනක් තබමින් ඔහු පැවසුවේ, ඊශ්‍රායලය එක්සත් ජනපදය සමඟ සම්බන්ධීකරණයෙන් මෙම ක්‍රියා කළ බවයි.

එමෙන්ම ප්‍රහාරය “රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් දීර්ඝ කළ කාල සීමාවට පටහැනි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06