වෛද්‍යවරුන් ඉල්ලා සිටින පරිදි වුන්ගේ අවශ්‍යතාවට අනුව ඉන්ධන ප්‍රමාණය ඉදිරියේ දී ලැබෙනු ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.
අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
QR කේත ක්‍රමය යටතේ නිකුත් කර ඇති ඉන්ධන කෝටාව වෛද්‍යවරුන්ට ඔවුන්ගේ රාජකාරි ඉටුකිරීමට ප්‍රමාණවත් නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.
මෙම ක්‍රමය යටතේ මෝටර් රථ සඳහා සතියකට ඉන්ධන ලීටර් 15 ක් පමණක් අවසර දී ඇති බවත්, එය වෛද්‍ය නිලධාරීන්ට ප්‍රායෝගික නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
3
+1
+1
+1
+1
2



