ජාත්‍යන්තර සඟරාවකින් ලංකාව විහිළුවට ලක්වෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ දරුණුතම පාරිසරික ඛේදවාචකයක්වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීම, සමාජජාල නිරූපන ශිල්පිණියකගේ දෙඩවිල්ලක සෙවනැල්ලෙන් වැසී ගොස් ඇති බව ලෝකප්‍රකට “දි ඉකොනොමිස්ට්” සඟරාව උපහාසාත්මකව වාර්තා කරනවා.

ඔවුන් මෙම ලිපියේ සඳහන් කර ඇති නිරූපණ ශිල්පිනිය වන්නේ පියුමි හංසමාලි යි.

සති දෙකක් පුරා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදෙහි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගනිමින් පැවැති බවත්, අනතුරුව ජුනි 02 වැනි දා එය ගිලී ගිය බවත්, මෙම සිදුවීම් හේතුවෙන් මෙරට සාගර, වෙරළ සහ අනෙකුත් පරිසර පද්ධතීන්වලට දැඩි හානියක් සිදුව ඇති බවටත් අදාළ ලිපියෙහි පෙන්වා දෙනවා.

එමෙන්ම නෞකාව ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළු වූයේ එහි අසුරා තිබූ දරුණු ගණයේ අම්ලයක් පවතින බහාලුමක කාන්දුවක් පවතින බවට දැනුවත් භාවයෙන් යුතුවම දැයි ගැටළුවක් ද මතුවී ඇති බව අදාළ සඟරාව පවසනවා.

අවධානය නිළියට යොමු වෙලා

කෙසේ වෙතත් මෙවන් දරුණු ව්‍යසනයක් සිය රටට බලපා ඇති අවස්ථාවක, 28 හැවිරිදි නිළියක සහ නිරූපන ශිල්පිනියක්වන පියුමි හංසමාලී නමැත්තිය පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ අවධානය සහ සංවාදය යොමුව තිබෙන බව “දි ඉකොනොමිස්ට්” සඟරාව සඳහන් කර තිබෙනවා.

නෞකාව ගිලී යාමට පටන්ගත් දිනයේම පොලීසිය විසින් පියුමි හංසමාලී ඇතුළු පිරිසක් “පැරණි” බස් රථයක නංවාගෙන, නිරෝදායනය කිරීම සඳහා පස්සර නමැති දුර ඈත ගම්මානයකට රැගෙන ගිය බවත්, ඒ අතරතුර ඇය “ෆේස්බුක් ලයිව්” වීඩියෝවක් හරහා කෝපයෙන් අදහස් ප්‍රකාශ කළ බවත්, ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍යවේදියෙකු හට ඇය එහි දී චෝදනා කළ බවත් සඟරාවෙහි සඳහන්.

මෙම බැණවැදීමේ වීඩියෝව 34,000කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇති බව පෙන්වා දෙන “දි ඉකොනොමිස්ට්” සඟරාව, අමාත්‍ය සරත් වීරසේකර සම්බන්ධ සිදුවීම පිළිබඳව ද වාර්තා කර තිබෙනවා.

නැවේ විනාශයට වඩා පියුමිව හොයලා

මෙවන් පසුබිමක් මත, මෙරට ප්‍රජාව ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා සොයා ඇති වචන පිළිබඳ විස්තර කරන අදාළ සඟරාව අනාවරණය කරන්නේ ගිලෙමින් පවතින නෞකාව පිළිබඳ සොයා ඇති සෙවුම් වාර ගණනට වඩා වැඩි වාර ගණනක් මෙරට ජනතාව පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ පිළිබඳ සෙවුම් සිදුකර ඇති බවයි.

මෙම ලිපිය “දි ඉකොනොමිස්ට්” සඟරාවේ මුද්‍රිත සංස්කරණයට මෙන්ම අන්තර්ජාල සංස්කරණයට ද ඇතුළත් කොට තිබෙනවා.

අදාළ ලිපිය එහි මුද්‍රිත සඟරාවේ 35 වැනි සහ 36 වැනි පිටුවල පළ කොට ඇත්තේ “Trouble in Sri Lanka – Push the boat out – An influencer’s rant overshadows an ecological disaster” යන සිරස්තල ඔස්සේ යි.

piu1
piu2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43