දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව සඳහා සහන සැලසීමේ සේවාන්හි නිරත වන ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ අවශ්‍ය පහසුකම් ලබා නොදෙමින් රජය විසින් මාධ්‍ය සංදර්ශන පමණක් පවත්වන බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.
ඔහු මේ බව කියා සිටියේ දිට්වා සුළි කුණාටු ආපදා හමුවේ රාජකාරි කළ ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අද (07) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවක් අතරතුරයි.
පවුල් ලක්ෂ හතකට අධික ප්‍රමාණයට සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන් විසින් උපරිම සේවාවක් ඉටු කළද ඔවුන්ගේ රාජකාරිවලට අදාළ පශ්චාත් ආපදා සමයේ සහන ලබා දීම වෙනුවෙන් චක්‍රලේඛ සකස් කර නොමැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
”අද වන විට පශ්චාත් දිට්වා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට වැදගත්ම කොට්ඨාසයක් වන මේ නිලධාරීන් කොට්ඨාසයගේ චිත්ත ධෛර්ය, මානසික ශක්තිය මොට කරලා තිබෙනවා” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා..













