මැදපෙරදිග ගැටුම් නිසා ලංකාවේ සතියක පාඩුව ඩොලර් මිලියන 10ත් 12ත් අතර

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සංචරක කර්මාන්තයට යම් බලපෑමක් සිදුවිය හැකි බවත්, මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කළ සංචාරකයින් ප්‍රමාණයේ අඩුවක් ඇතිවිය හැකි බවත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසනවා.

අද (03) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් අදක්වමින් ඒ ඔහු මේ බව සඳහන් කර සිටියා.

ලංකාව කරා යුරෝපා කලාපයෙන් සහ බොහෝ රටවල්වලින් පැමිණෙන සංචාරකයින් මද පෙරදිග කලාපය හරහා පැමිණෙන බවත්, මේ වන විට එම කලාපයේ ගුවන් ගමන් සහ ගුවන් තොටුපොළවල වසා දමා තිබීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට බලපෑමක් ඇතිවිය හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව සංචාරක කර්මාන්තයේ ඇතිවිය හැකි බලපෑමෙන් සතියක් සඳහා ඩොලර් මිලියන 10ත් 12ත් අතර මුල්‍යමය පාඩුවක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37