“තාරකා ඉබ්බන්” 25ක් රටින් පන්නන්න ගිය දෙදෙනෙක් මාට්ටු

රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා “තාරකා ” ( මේවර ) ඉබ්බන් ( Geocheloneelegans ) 25 දෙනෙක්, නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් සමග, ඊයේ (02) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිටත්වීමේ පර්යන්තයේ රාජකාරී සදහා අනුයුක්ත කර සිටි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මොවුන් කොළඹ , කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සහ 45 හැවිරිදි වියේ පසුවන සුරතල් සතුන් අලෙවි කිරීමේ ව්‍යාපරයක නිරත වූවන් දෙදෙනෙක් බවට ත්රතුරු අනාවරණය වී තිබෙනවා.

ඔවුන් ඊයේ (02) දින උදෑසන 07.40 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යාම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 314 දරන ගුවන් යානය වෙත පිවිසීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02 තුළ තෙත රෙදි වලින් ඔතා මෙම ඉබ්බන් සගවා ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ සංරක්ෂණය කර ඇති සහ වද වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති මෙම ඉබ්බන් වනසත්ව හා වෘක්ෂලතා විශේෂ වල ජාත්‍යන්තර වෙළදාම පිළිබද සම්මුතියේ ( CITES ) ලැයිස්තු ගත කර ඇති ජාත්‍යන්තර වානිජ වෙළදාම සදහා තහනම් කර ඇති සතුන් විශේෂයක්.

මෙසේ අත්අඩංගුවට ගත් ගුවන් මගීන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ දිනම ඉදිරිපත් කර තිබූ අතර, එහිදී ඔවුන් එළඹෙන අනිද්දා (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සහ මෙම ඉබ්බන් නිසි සත්කාර සහිතව දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දීමට ද නියෝග කර තිබෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14