දරු තිදෙනාට මවක් අහිමි කළ මාරාන්තික බස් අනතුර – දරුවන් දෙදෙනෙක්ට බරපතළයි

යටියන්තොට පොලිස් වසමේ හැටන් කොළඹ මාර්ගයේ තණකොලවත්ත ප්‍රදේශයේ දී කොළඹ දෙසට ධාවනය වූ සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙහිදී බස් රථය මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවකගේ සහ ඇයගේ දරුවන් තිදෙනාගේ ද ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (20) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර දරුවන් තිදෙනා තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස රෝහල් ගත කළ දරුවන් තිදෙනාගෙන් දරුවන් දෙදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට හා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් මාරුකර යවා ‍ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව අවුරුදු 45ක යටියන්තොට, තණකොළවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

යටියන්තොට පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38