අනූෂ පැල්පිටට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (20) නියෝග කළා.

සැකකරුට ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරිිමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද නියෝග කරනු ලැබුවා.

සිද්ධියට අදාළ සැකකරු බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිය ආදායම අභිබවා මිලියන 46 කට අධික වත්කම් රැස්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉකුත් ජනවාරි 23 වනදා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට අත්අඩංගුවට ගනු ලැබුවා.

එදින පෙබරවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර 06 වැනිදා යළි අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

සැකකරු ආදායමට වඩා වත්කම් උපයා ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත ගිය අවස්ථාවේ දී ඔහු එසේ අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධියට අදාළව සැකකරුගේ බිරිඳගෙන් සහ බිරිඳගේ සහෝදරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමට තිබෙන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම ඉකුත් පෙබරවාරි 06 වනදා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ, අනුව සිද්ධියට අදාළ සැකකරු ලබන හය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

එදිනට සිද්ධිය සම්බන්ධයෙන් කඩනමින් විමර්ශන අවසන් කර ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළා.

ඒ අනුව අද දින සැකකරු ඇප මත මුදා හරින ලෙසත් ඊලඟ නඩු දිනයේදී වැඩිදුර වාර්තා ඉදිරිපත් කරන ලෙස ද අල්ලස් කොමිසමට නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32