ගාමන්ට් ෆැක්ට්‍රියක 90දෙනෙකුට කොවිඩ්

මහියංගනය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 90ක් හඳුනාගෙන තිබේ.

ජූනි මස 2 වන දින ඇඟලුම් සේවකයින් 100දෙනෙකුගේ ඇන්ටිජන් පරීක්ෂාවක් හසලක මහජන සෞඛ්‍ය කාර්යාලය මඟින් සිදුකර ඇති අතර එහිදී ආසාදිතයින් 18 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඉන් අනතුරුව තවත් සේවකයින් 100දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුකර ඇත. එහිදී ආසාදිතයින් 38දෙනෙකු හඳුනාගෙන තිබේ.

ජූනි මස 8 වන දින අවසන් පීසීආර් පරීක්ෂාව ඇඟලුම් සේවකයින් 385කගේ සිදුකර ඇති අතර එයින් ද ආසාදිතයින් 34ක් හඳුනාගෙන තිබේ.

ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ පවුල් 120ක ප්‍රමාණයක් නිරෝධායනයට ලක්කර තිබේ.

කොවිඩ් ආසාදිත සේවක සේවිකාවන් පිරිස අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර අවසන් වරට හඳුනාගත් ආසාදිතයින් අද සවස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?