පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
අරගලය පැවැති 2022 වසරේ මැයි මස 09 වන දින නිට්ටඹුව නගරයේ දී න්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කෙරුණා.
ඒ අනුව එම නඩුවේ තීන්දුව අද (11) දිනයේ ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මෙම ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබෙනවා.
දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව පසුගිය ජනවාරි මස 14 වනදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත් එදින කරුණු සලකා බැලූ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (11) දිනය දක්වා කල් තැබුවා.



