ප්‍රේමදාස පිටියේදී එංගලන්ත දඟ පන්දු යවන්නන් වාර්තාවක් පිහිටුවයි

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (24) පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගයේදී පළමුවෙන් පන්දු යැවූ එංගලන්ත කණ්ඩායම සුවිශේෂී වාර්තාවක් පිහිටවනු ලැබුවා.

ඒ එංගලන්ත දඟ පන්දුයවන්නන් විසින් පිරිමි ජාත්‍යන්තර එක්දින තරගයකදී යැවූ වැඩිම පන්දුවාර සංඛ්‍යාවේ වාර්තාවයි.

අද තරගයේ දී එංගලන්ත දඟ පන්දු යවන්න විසින් පන්දුවාර 40යි පන්දු 03ක් යවා තිබූ අතර එය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්ත දඟ පන්දු යවන්නන් විසින් යැවූ වැඩිම පන්දුවාර ප්‍රමාණයයි.

මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ 1985 දී සාජා ක්‍රීඩාංගණයේ දී වූ අතර එදින පාකිස්තානයට එරෙහිව එංගලන්ත දඟ පන්දු යවන්නන් පන්දුවාර 36 ක් යවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
16
+1
4
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?