රජයේ වෛද්‍යවරු රජයට දින 10ක් දෙයි – විසඳුම් නොලැබුණොත් අඛණ්ඩ වර්ජනයක් (වීඩියෝ)

දින 10ක් ඇතුළත සෞඛ්‍ය ගැටළුවලට විසඳුම් නොලැබුණොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අනතුරු අඟවනවා.

අද (14) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හා සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව සඳහන් කළා.

සෞඛ්‍ය කාර්යමණ්ඩලය අඩුව, වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය, ඖෂධවල හිඟය, සෛල උපකරණවල හිඟය මෙන්ම මූලික පහසුකම්වල පවතින හිඟය ඇතුළු ගැටළුවලට විසඳුම් ලබාදීමට දින දහයක් තුළ රජය අපොසත් වුවහොත් ලබන 23 වනදා පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තී ක්රියමර්ගයටකට එළෙඹෙන බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඊයේ (13) දිනයේ රැස්වූ අවස්ථවේ දී මෙම තීරණයට එළඹි බවයි වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?