IPL තරග විකාශය බංග්ලාදේශය තුළ නවතා දැමීමේ සූදානමක්

2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායමේ තරඟ පැවැත්වෙන ස්ථාන වෙනස් කරන ලෙස ඉල්ලා සිටින ලෙස බංග්ලාදේශ අන්තර්කාලීන රජය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

ඒ, අනුව ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාව තුළ සහභාගීවන තරග සියල්ල ඉන්දියාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඊයේ (03) දිනයේ සමාජ මාධ්‍ය සටහනක් තබමින් බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් විසින් මෙම තීරණය තහවුරු කරනු ලැබුවා.

තරඟාවලියේදී බංග්ලාදේශයේ තරඟ සඳහා විකල්ප ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යෝජනා කරන ලෙසත් අන්තර්කාලීන රජය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට නියෝග කර ඇති බවයි අසිෆ් නස්රුල් පවසන්නේ.

මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් මත කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉවත් කිරීමෙන් පසුව අයි.පී.එල් තරග බංග්ලාදේශය තුළ විකාශනය නවතා දැමීමේ තීරණයකට එළඹීමට නියමිත බවයි ක්‍රීඩා මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

බංග්ලාදේශයේ හින්දු සුළුතරයන්ට පහරදීම් පිළිබඳ වාර්තා මධ්‍යයේ බංග්ලාදේශ ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් සංචිතයෙන් ඉවතට දමන ලෙස ඉන්දියාව තුළ පසුගිය දින කිහිපයේ දැඩි මතවාදයක් ගොඩ නැඟුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය තවත් දරුණු වෙයිද? මෙන්න කාළගුණයේ සිදුවන වෙනස
07:28
Video thumbnail
නාමල්ගේ කකුළු කතාවට සුපිරි පිළිතුරක්
03:36
Video thumbnail
බදුල්ලේ රෙදි නැතුව යකා නැටූ නඩුවට හරීන් අධිකරණයට
03:52
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම රත්වෙයි..පොලිස්පතිතුමා අපේ රැහේ මිනිහෙක්..
09:21
Video thumbnail
නාමල් ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - කොන්දක් නැත්තම් දේශපාලනය කරන්න එපා
07:01
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට මෙහෙම නීතිය නවන්න පුළුවන්ද?
08:47
Video thumbnail
චාමර සම්පත්ගේ කතාව අහපු අර්චුනා බඩ අල්ලන් හිනාවෙයි
02:38
Video thumbnail
හරිනි සමලිංගික ද නැද්ද කියලා අපිට වැඩක් නෑ
01:08
Video thumbnail
"බස් ගාස්තු අඩු කරන්න අපි කැමතියි..?"අපි බලන් ඉන්නේ රජය පොරොන්දු ඉෂ්ඨ කරනකල්
03:20
Video thumbnail
අගමැතිතුමියට අපහාස කරන්න එපා - ඉල්ලා අස්කරගන්න
02:55


?