හෙට සිට ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ අංශ දැනුම් දෙනවා.

මේ හේතුවෙන් ජනවාරි 05 දින (හෙට) සිට ඉදිරි දිනවල දී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර,අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

සබරගමුව පළාතේත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50 දක්වා තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය තවත් දරුණු වෙයිද? මෙන්න කාළගුණයේ සිදුවන වෙනස
07:28
Video thumbnail
නාමල්ගේ කකුළු කතාවට සුපිරි පිළිතුරක්
03:36
Video thumbnail
බදුල්ලේ රෙදි නැතුව යකා නැටූ නඩුවට හරීන් අධිකරණයට
03:52
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම රත්වෙයි..පොලිස්පතිතුමා අපේ රැහේ මිනිහෙක්..
09:21
Video thumbnail
නාමල් ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - කොන්දක් නැත්තම් දේශපාලනය කරන්න එපා
07:01
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට මෙහෙම නීතිය නවන්න පුළුවන්ද?
08:47
Video thumbnail
චාමර සම්පත්ගේ කතාව අහපු අර්චුනා බඩ අල්ලන් හිනාවෙයි
02:38
Video thumbnail
හරිනි සමලිංගික ද නැද්ද කියලා අපිට වැඩක් නෑ
01:08
Video thumbnail
"බස් ගාස්තු අඩු කරන්න අපි කැමතියි..?"අපි බලන් ඉන්නේ රජය පොරොන්දු ඉෂ්ඨ කරනකල්
03:20
Video thumbnail
අගමැතිතුමියට අපහාස කරන්න එපා - ඉල්ලා අස්කරගන්න
02:55


?