වත්මන් රජය බලයට පත් වූයේ පොහොසත් රටක්, ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවායැයි කියූ පොරොන්දු පත්‍රිකාව මත වුවත් මේ වන විට වත්මන් රජය දුප්පත් රටක්, දුප්පත් ජිවිතයක් නිර්මාණය කරන විදුලි බිල වැඩි කිරීමකට මුල පුරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේද කතා බහක් නිර්මාණය වී තිබෙන විදුලි බිල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්මින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළා.
සෑම වේදිකාවකම පාහේ එදා විපක්ෂයේ ක්‍රියාකාරීන් ලෙස 33%කින් විදුලි බිල අඩු කරන බව පැවසුවද බලයට පත් වු පසු වේදිකාවේ වූ පොරොන්දු අමතක කර 11.57%කින් විදුලි බිල වැඩි කරන්න සැලසුම් කරන බවත් ලැබූ ජන වරම පාවා දෙමින් යන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටිනවා.
ජනතාවගේ කර මතින් බලයට පැමිණ, ජනතාව දුන් ජන වරම පාවා දෙන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන අතරම රජය මෙරට විදුලි පාරිභෝගිකයන්ගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළා.




