මතුගම ප්‍රාදේශීය සභා කාර්යාලය තුළ අද (02) දහවල් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පැමිණි අවස්ථාවේ දී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කාර්යාලයට පැමිණි අවස්ථාවේ දී ප්‍රාදේශීය සභා සේවකයින් විසින් සභාපතිවරයාව ඔහුගේ නිල කාමරයට දමා අඟුළු දැමීමට කටයුතු කර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම පොලිස් වාහනවලට ප්‍රාදේශීය සභා භූමියෙන් පිටතට යාමට නොහැකිවන ලෙස ප්‍රාදේශීය සභාවේ වාහන මාර්ගය අවහිර වන සේ නවතා තැබීමට ද සේවකයින් කටයුතු කර තිබෙනවා.
මේ අතර ප්‍රාදේශීය සභා සේවකයින් විසින් පොලිසියේ ක්‍රියාකලාපයට විරෝධය පා විරෝධතා පුවරු ද අතැතිව විරෝධත්වයක නිරත වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරුද්ධව අද (02) උදෑසන ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ විසින් මතුගම පොලිසිය ගොස් පැමිණිල්ලක් සිදුකර තිබුණා.
කෙසේ වෙතත් එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.














