සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ වෙනුවෙන් සාකච්ඡා කිරීමේ සම්පූර්ණ වගකිම එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස හට පක්ෂයේ කළමනාකරණ කමිටුව මඟින් පවරා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
මේ වන විට නැවත එක්වීම සම්බන්ධයෙන් එම පක්ෂ දෙකෙහි සාකච්ඡා ධනාත්මක තත්ත්වයක පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.
එමෙන්ම සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සහ රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදයෙන් විශාල බලවේගයක් නිර්මාණය වන බවත් එම බලවේගය රටේ තීරණාත්මක දේශපාලන බලවේගයක් බවට පත්වන බවත් හර්ෂණ රාජකරුණා වැඩිදුරටත් පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
+1
+1
1
+1














