ලිට්‍රෝ ගෑස් මිල ගැන තීරණය පස්වනදා

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව තීරණය එළෙඹෙන සඳුදා (05) ප්‍රකාශ කරන බව එම සමාගම සඳහන් කරනවා.

මේ අතර ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කළා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් ඉහළ දැමීමට තීරණය කෙරුණු අතර, එහි නව මිල වන්නේ රුපියල් 4250ක්.

එමෙන්ම ක්‍රිලෝග්‍රෑම් 05 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 65 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල 1710ක් බවයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?