මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් අහිමි කරමින් නොරොච්චෝලේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රිය වෙයි

නොරොච්චෝලේ ගල් අඟු‍රු බලාගාරයේ විදුලිය ජනනය කරනු ලබන යන්ත්‍ර තුනෙන්, යන්ත්‍ර දෙකක් මේ වන විට අක්‍රීය වී ඇති බව වාර්තා වනවා.

එක් ජනන යන්ත්‍රයක් වසර 03 කට වරක් සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ අක්‍රිය කර ඇති අතර අනෙක් ජනන යන්ත්‍රය කාර්මික දෝෂයක් මත අක්‍රිය වී තිබෙනවා.

මෙම ජනන යන්ත්‍ර දෙක අක්‍රියවීම නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් අහිමි වී ඇති නමුත් ජල විදුලිය මඟින් විදුලි උත්පාදන කටයුතු සාර්ථකව සිදුවන බැවින් විදුලි සැපයුමට බාධාවක් එල්ල නොවන බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?