2026 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතරින් පස්වන තැන ශ්‍රී ලංකාවට

ඇමරිකාවේ ‘U.S. News & World Report’ සඟරාව මගින් 2026 වසර සඳහා, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 05 අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සතු විවිධාංගීකරණය වූ සංචාරක අත්දැකීම් මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව ඇති අතර, ප්‍රවේශ වීමේ පහසුව සහ දැරිය හැකි පිරිවැය, සංස්කෘතික සහ ආහාරපානවල ඇති පොහොසත් බව, සංචාරක ආකර්ෂණ ස්ථාන සහ සංචාරකයින්ගේ ප්‍රසාදය යන කරුණු ද සලකා බලා ඇති බව සඳහන්.

ඊට අමතරව එකම කුඩා දූපතක් තුළ ලෝක මට්ටමේ වෙරළ තීරයන්, යුනෙස්කෝ ලෝක උරුම අඩවි සහ වනජීවී සෆාරි අත්දැකීම් ලබාගැනීමට ඇති හැකියාව මෙම වාර්තාව මගින් අගය කර තිබීම ද විශේෂත්වයක්.

මෙම වාර්තාවට අනුව ආසියාවේ සංචාරය කරන සංචාරකයෙකුට සංචාරය කළ හැකි හොඳම ස්ථානය ලෙස ජපානයේ ෆුජි කන්ද නම්කර ඇති අතර, පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් නගරය පිළිවෙලින් දෙවන තෙවන සහ සිව්වන ස්ථාන ගෙන තිබෙනවා.

මෙම වාර්තාවේ පස්වන තැන ශ්‍රී ලංකාවට හිමිවේදී හයවන තැන තායිලන්තයේ චියැං මායි වෙත හිමිව ඇති අතර, හත්වන තැන හිමිව ඇත්තේ භූතානයටයි.

ආසියාවේ සංචාරය කරන සංචාරකයෙකුට සංචාරය කළ හැකි හොඳම ස්ථාන අතර අටවන තැන වියට්නාමයේ අගනගරය වන හැනෝයි වෙත හිමිව තිබෙනවා.

මෙම වාර්තාවේ 09 වන ස්ථානය ඉන්දුනීසියාවේ බාලි දුපත් වෙත හිමිව ඇති අතර, දසවන තැන තායිලන්තයේ විශාලතම දූපත වන ෆුකෙට් වෙතයි හිමිව ඇත්තේ.

3 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?